අපි පුංචි කාලේ ඉඳලම කොච්චර දේවල් වින්දද? අම්මගේ තාත්තගේ ආදරය, සහෝදර සහෝදරියන්ගේ ආදරය, යහළු මිත්‍රයන්ගේ ආදරය පෙම්වතා හෝ පෙම්වතියගේ ආදරය. මේ හැම දෙයක්ම අපි වින්දා. ඒ වගේම තාමත් විඳිමින් ඉන්නවා. ඒ දේවල් විඳලා අවසන් කරන්න අපිට තාම බැරි වුණා. ඒ නිසා විඳින්න ඕන දේවල් අපි තාමත් හොයනවා. ඒ විඳින හැම දෙයක්ම අපි විඳිනවද? විඳවනවාද?ඒ ගැනත් අපිට නියම අවබෝධයක් නැහැ. ඒත් අපි ඒ දේවල් විඳිමින් ඉන්නවා. ඒත් ඒ විඳීමෙන් ගැලවීමක් හොයන හිත් බුදු සසුනෙහි සැනසුම විඳිනවා. බුදු පහසෙහි සැනසුම සොයා ගිය තවත් බුද්ධ පුත්‍රයකුගේ වදන් වැල් මෙතැන් සිට දිගහැරෙ
මම විශ්වාස කරපු ආදරය බොරුවක්
සංසාරයේ ඇත්ත සොයන
නූතන බුද්ධ පුත්‍රයන්ගේ කතා වස්තුව
අපි පුංචි කාලේ ඉඳලම කොච්චර දේවල් වින්දද? අම්මගේ තාත්තගේ ආදරය, සහෝදර සහෝදරියන්ගේ ආදරය, යහළු මිත්‍රයන්ගේ ආදරය පෙම්වතා හෝ පෙම්වතියගේ ආදරය. මේ හැම දෙයක්ම අපි වින්දා. ඒ වගේම තාමත් විඳිමින් ඉන්නවා. ඒ දේවල් විඳලා අවසන් කරන්න අපිට තාම බැරි වුණා. ඒ නිසා විඳින්න ඕන දේවල් අපි තාමත් හොයනවා. ඒ විඳින හැම දෙයක්ම අපි විඳිනවද? විඳවනවාද?ඒ ගැනත් අපිට නියම අවබෝධයක් නැහැ. ඒත් අපි ඒ දේවල් විඳිමින් ඉන්නවා. ඒත් ඒ විඳීමෙන් ගැලවීමක් හොයන හිත් බුදු සසුනෙහි සැනසුම විඳිනවා. බුදු පහසෙහි සැනසුම සොයා ගිය තවත් බුද්ධ පුත්‍රයකුගේ වදන් වැල් මෙතැන් සිට දිගහැරෙනවා.
නම - ආශ්‍රමවාසී ධම්ම ඥානහිමි
ගම - වැලිගම, දෙණිපිටිය
පවුලේ විස්තර -
මම පවුලේ වැඩිමලා. නංගියි, මල්ලිලා දෙන්නයි, අම්මයි, තාත්තයි තමයි ගෙදර ඉන්නේ.
පාසල - දෙණිපිටිය ළදරු කනිටු විදුහල, දෙණිපිටිය මධ්‍ය මහා විද්‍යාලය සහ තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයෙන් තමයි මම අධ්‍යාපනය ලැබුවේ.
පැවිදි වෙන්න කලින් රැකියාවක් කළාද?
නැහැ. මම උසස් පෙළින් පස්සේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට තේරුණා. කළමනාකරණ පීඨයේ ශිෂ්‍යයෙක් විදියට අවුරුදු තුනක් ඉගෙන ගත්තා.
විශ්වවිද්‍යාල අධ්‍යාපනය සම්පූර්ණ නොකර මහණ වෙන්න හිතුණේ ඇයි?
පුංචි කාලේ ඉඳන් මගේ ඉලක්කයක් තිබුණා ව්‍යාපාරිකයෙක් වෙන්න. පොඩි කාලේ ඉඳන් ඒ ඉලක්කයට එන්න ආවා. උසස් පෙළ දෙපාරක් කරලා විශ්වවිද්‍යාලයට ආවා. අවුරුදු තුනක් විශ්වවිද්‍යාලයේ හිටියා. විශ්වවිද්‍යාලයට ආවා. ඊට පස්සේ ව්‍යාපාරිකයෙක් වෙලා මේ මොන දේ කළත් ජීවිතය අවසානයේ ඉතුරු වෙන දෙයක් නෑ කියලා මට තේරුණා. වයසට ගියායින් පස්සේ හැමෝම මේ දේවල් කරලා ඉතුරු වෙන දෙයක් නැහැ. හැමෝම මැරිලා යනවා. ඒ නිසා මේ දේවල් කරලා මොකටද කියලා හිතුණා. ඒ නිසා තමයි මහණ වෙන්න තීරණය කළේ.
ගිහි ජීවිතයේ යම්කිසි සතුටක් තිබුණෙම නැද්ද?
සතුටක් තිබුණා. නමුත් ඒක ප්‍රමාණවත් වුණේ නැහැ. ඒක සීමාසහිත සතුටක්. හැම දෙයක්ම ඒ කරන වෙලාවට විතරයි. ඒ වගේම ඒකේ විඩාවකුත් තියෙනවා. ඒකයි මම ඊට එහා දෙයක් හෙව්වේ.
ගිහි ජීවිතයෙදි පෙම්වතියක් හිටියද?
ඔව්. ඇය විශ්වවිද්‍යාලයෙදි මට මුණගැහුණේ. ඒ කාලේ ඉඳන් මට තිබ්බ අදහසක් තමයි මම පෞද්ගලිකවම ගැහැනු ළමයි පස්සෙන් යන්නේ නැහැ. ගමේ අය කිව්වෙත් මම ආඩම්බරයි කියලා. මට අදහස තිබුණේ මට කැමැති කෙනෙක් ඉන්නවා නම් මගෙන් අහයි කියලා. ඉතින් පෙම්වතිය මට මුණගැහුණෙත් ඒ විදියට. නමුත් පසුව අපට තේරුණා අපිට ඕන විදියට ජීවිතය පවත්වා ගන්න බැහැ කියලා. ඒ නිසා එතැනින් පස්සේ ඒ දේවල් පවත්වගෙන යන්න අපිට වුවමනා වුණේ නැහැ.
ආදරය ගැන තිබෙන්නේ මොන වගේ අදහසක්ද?
මම ආදරය කළා. ආදරය විශ්වාස කළා. ආදරය කරලා තේරිච්ච විදියට ආදරය කියන්නේ බොරුවක්. අපි කෙනෙක්. කැමැති වෙන්නේ ඒ කෙනාට තියෙන කැමැත්ත නිසා නෙවෙයි. අපි කෙනෙක්ගේ යම්කිසි දෙයකටනේ කැමැති වෙන්නේ. අනෙක් පාර්ශ්වයේ ගැහැනු
ළමයට හෝ පිරිමි ළමයට කැමැති වෙන්නේ ඒ කෙනා තුළ තිබෙන ඒ කෙනා තුළ තියෙයි කියලා හිතන අපේ තුළ තිබෙන දෙයට අපි කැමැතියි. සමාජය හොඳයි කියලා සම්මත කරලා තියෙන දේවල්වලට. ඒ කැමැති දේවල් මම අනෙක් කෙනා තුළින් දැක්කොත්, අපේ හිතේ තියෙන රූපයට ඒ කෙනා ගැළපෙනවා නම් අපි ඒ කෙනාට කැමැති වෙනවා. ඒ නිසා අපි කැමැති වෙන්නේ ඒ කෙනාට නෙවෙයි. අපේ තියෙන දෙයට. ඒ කෙනා යම්කිසි අවස්ථාවක වෙනස් වුණොත් අපි හිතන දෙයට වඩා වෙනස්ම වැඩ කළොත් එහිදී අපි ඒ කෙනාව
ප්‍රතික්‍ෂේප කරනවා. ඇත්තටම අපි බලාපොරොත්තු වෙන්නේ අපි තුළ තිබෙන දේ තෘප්තිමත් කරගන්න. ඒකට තමයි අපි ආදරය කියලා කියන්නේ. ඒ කියන්නේ අනේයා්්න්‍ය බැඳීමක් නෙවෙයි ආත්මාර්ථය සපුරා ගැනීමට උත්සාහ දැරීමක්.
ඔබ වහන්සේ යහළු මිත්‍රයෝ ආශ්‍රය කළා කිව්වා. තරුණියකට ආදරය කළා කිව්වා. ඒ දේවල්වලට වඩා පැවිදි ජීවිතයේ සැනසීමක් තියෙනවා කියලා විශ්වාස කළේ කොහොමද?
හිත හෙව්ව දේ, හිතට අවශ්‍ය දේ, ධර්මය කියන්නේ මොකක්ද කියලා මට තේරුණා. අපි මවුපියන්ට, යාළුවන්ට, තරුණියකට හෝ කරන ආදරය දැනෙන්නේ හිතට කියලා විශ්වාසයක් තියෙනවනේ. අන්න ඒ වගේ ධර්මය හරි හරි කියලා විශ්වාසයක් ගොඩනැඟුණා. මම පොත්පත් කියෙව්වට, භාවනා කළාට මට ඒ දේවල් හිතට දැනිලා නැහැ. මේ ධර්මය ඇහුවට පස්සේ මට තේරුණා හිත නිවෙනවා කියලා. මගේ ඒ හිත නිවීමට මට පිටුපාන්න බැරි වුණා. යාළුවෝ එක්ක කොච්චර දේවල් කළත් ඒ වෙලාවට විතරයි. ඒ නිසා ඒ හිතේ ධර්මය පිළිපැදීමට පිටුපෑවේ නැහැ.
පවුලේ වැඩිමලා විදියට පවුලට වෙන්න ඕන යුතුකම් මඟහැරුණා කියලා හිතෙන්නේ නැද්ද?
පවුලට යුතුකම් ඉටුකළා කියමු. ඒක මට අවුරුදු තිහ වෙනකල් කළ හැකියි. එතැනින් එහා මට වෙන ජීවිතයකට ගියාම ඒ දේවල් කරන්න බැහැ. මවුපියන් මැරෙනතුරු එයාලා ජීවිත කාලෙම අපි ළඟ තියාගෙන සලකන්න පුළුවන්. ඒත් එයාලා මියගියාම එතැනින් එහා ජීවිතය ඒ කියන්නේ මරණෙන් පසු ජීවිතයට අපිට කරන්න කිසි දෙයක් නැහැ. නමුත් යම්කිසි කෙනෙක් ධර්මය හරියට තේරුම් අරගෙන මවුපියන්ට හරි වෙනත් අයට හරි තේරුම් කරලා දුන්නොත් එය ඔවුන්ගේ මරණෙන් පසු ජීවිතයට හේතු වෙනවා. මරණය නැති වීමට හේතු වෙනවා. ඉන්න කාලේ මම නැති වුණාට මා වෙනුවට වෙන කෙනෙක් ඒ යුතුකම් කරන්න ඉන්නවා. ඒ කියන්නේ විකල්පයක් තියෙනවා. නමුත් ජීවිතයෙන් පසු ජීවිතය සකසන්න විකල්පයක් නැහැ. ඒ නිසා වඩා වැදගත් වෙන්නේ ඉන්න කාලේ කාලා බීලා ඉන්න එක නෙවෙයි. මරණයෙන් පස්සේ ජීවිතයට උදව් කරන්නේ කොහොමද කියලා. අන්න ඒක තමයි වැදගත්.
ගිහි ජීවිතයෙන් පැවිදි ජීවිතයට එනකොට තිබූ බැඳීම් අතහරින්න දුක දැනුණේ නැද්ද?
වේදනාවක්, දුකක් දැනුණේ නැත්නම් මට බැඳීමක් තිබිලා නැහැනේ. වේදනාවක් දුකක් දැනෙනවා. ඒ දැනෙන වේදනාවට වඩා හදවතට දැනෙන යථාර්ථය ජය ගන්නවා. හදවතට දැනෙන සත්‍ය බලවත් වුණාම දුක කියන එක අතහරිනවා. මොකද අපිට අවශ්‍ය වෙන්නේ දුකෙන් ගැලවෙන්න මිසක ඒකත් එක්ක ඉඳලා දුක් විඳින්න නෙවෙයි. මම දන්නවා ගිහි ජීවිතයේ ඉඳලා දුක් විඳින්න වෙනවා කියලා. එහෙම දැනෙන කොට මම එතැන ඉඳලා දුක් විඳින්නේ නැහැනේ.
කෙනෙක් ශක්තිවන්තයෙක් විය යුත්තේ කයින්ද, මනසින්ද?
මනසින්.
මනස ශක්තිමත් කරගැනීම භෞතික සහ ආධ්‍යාත්මික ජීවිතයට කෙතරම් වැදගත්ද?
ජීවිතයේ අපි මොන දේ කළත් ඒ දේවල්වලට බාධා එනවා. ඒ බාධාවලට සාර්ථකව මුහුණදෙන්න මානසික ශක්තිය වැදගත්. බාධාවලට, ප්‍රශ්නවලට සාර්ථකව මුහුණදීමට හැකි ප්‍රමාණය කොච්චරද කියන එක මානසිකත්වය හැදෙන ප්‍රමාණය අනුව තීරණය වෙනවා. යම් ප්‍රශ්නයකට සාර්ථකව මුහුණදෙන්න බැරි වුණොත් ඒ මානසිකත්වය බිඳවැටෙනවා. බොහෝ අය බාධා ආවාම වැටෙනවනේ. ජීවිතේ කඩාවැටීම් ඇති වෙනවනේ. කෙනෙක්ගේ සාර්ථකත්වය කියන්නේ කඩාවැටීමවත්, නැඟිටීමවත් නෙවෙයි. ඒ නිසා කඩාවැටෙන කොට නැඟී සිටින්න හැකි වෙන්න ඕන. එතකොට තමයි එයාගේ මානසිකත්වය වැඩි වෙන්නේ. හැම තිස්සෙම මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ ජයග්‍රහණ. හොඳ ලබන්නනේ. ඒවා බලාපොරොත්තු වෙලා ඉන්න වෙලාවක ඒ දේවල් වෙනස් වුණොත් සම්පූර්ණයෙන්ම ජීවිතය කඩා වැටෙනවානේ. ගොඩක් අය තමන්ට තිබෙන පොඩි දේවල්, ඒ කියන්නේ ආදරවන්තිය, දේපොළ, අම්මා, තාත්තා, ඉගෙන ගත්ත දෙය මේ මොකක් හරි දෙයක් මුළු ජීවිතයම කියලා හිතනවා. ඒක තමයි ජීවිතේ එකම මඟ කියලා හිතනවා. ඒක වැරැදියි. මොකද ඊට වැඩි දෙයක් තමයි ජීවිතය කියන්නේ. ඒ නිසා යම්කිසි සීමාවකට කොටු නොවී යම්කිසි පරාසයක් තුළ ඉන්න පුළුවන් නම් ඒ කෙනා ජීවිතයේ සාර්ථකත්වයට පත්වෙනවා.
ධර්මාවබෝධය ලබන්න නම් ඊට සුදුසුම කාලය මොකක්ද?
අවුරුදු විස්ස, විසිපහ අතර කාලය තමයි හොඳම කාලය.
හේතුව?
කෙනෙක් ජීවිතය විඳින්න, ආදරය කරන්න පටන්ගන්නේ අවුරුදු දහසය දහහත වගේ වෙනකොට. දැන් නම් අවුරුදු ෙදාළහ විතර ඉඳන්ම ඒ දේවල් විඳිනවා. එහෙම ජීවිතය විඳලා ඒ කෙනා උපරිම තත්ත්වයට එන්නේ වයස අවුරුදු විස්ස, විසි දෙක වෙනකොට. ඒ වයසෙදි සම්පූර්ණයෙන්ම ඒ කෙනා ජීවිතය විඳිනවා. ජීවිතය විඳලා ඒ කෙනාට ජීවිතය පිළිබඳ අවබෝධයක් තියෙනවා. සමහරු ජීවිතය විඳිනවා කියලා කරන්නේ විඳවීමක්නේ. ජීවිතය විඳ විඳ විඳවනවා මිසක් ගැලවීමක් ගැන හිතන්නේ නැහැ. ගැලවීමක් ගැන හිතන්න හොඳම අවස්ථාව තමයි මේ වයස. අපේ සම්ප්‍රදාය හා සමාජය හදලා තියෙන්නේ පැවැත්මක් හදන්නනේ. අවුරුදු විස්ස, විසි දෙක වෙනකොට තරුණයකුට තරුණියක්, තරුණියකට තරුණයෙක් ඉන්න ඕන. ඒ සම්බන්ධතාවය තුළින් අනාගතයක් සකස් වෙන්න ඕන. පස්සේ විවාහ වෙලා එතැනින් එහා ගැලවීමක් හොයන්න බැහැ. ගැලවෙන්න අමාරුයි. ඒ නිසා අවුරුදු විස්ස, විසිපහ කාලයෙහි ධර්මය පිළිබඳව හරි තමන්ගේ ජීවිතය පිළිබඳව හරි යම්කිසි සොයා බැලීමක් විශ්ලේෂණයක් කරන්න හොඳ වයස. අපි කියන්නේ ජීවිතයේ ඕන දෙයක් විඳින්න, බැඳීමක් නැතිව.
ඒ කොහොමද?
අපිට ලැබෙන හැම දෙයක්ම අපි බලාපොරොත්තු වූ දේ කියලා හිතනවනේ. නමුත් අපිට ජීවිතයේ වැඩිපුර වෙන්නේ අපි බලාපොරොත්තු වෙන දේවල් නෙවෙයිනේ. ඒ නිසා බලාපොරොත්තු නොවී වෙන දේවල් බලාපොරොත්තු වූ දේවල් ලෙස හිතනවා නම් එතැන තමයි නියම විඳීම තියෙන්නේ.
ඔබ වහන්සේ පැවිදි වෙන්න එනකොට ඔය හැම දෙයක්ම විඳලා තිබ්බද?
ඔව්. ජීවිතයේ විඳින්න ඕන හැම දෙයක්ම විඳලා තිබ්බා. ඒත් මට තේරුණා ඒ දේවල්වල සැනසීමක් නැහැ කියලා.
ඔබ වහන්සේ තරුණ පරපුරට ලබාදෙන පණිවුඩය?
තරුණ පරපුරට කියන්නේ ජීවිතය විඳින්න. ජීවිතයේ උපරිමය පුළුවන් තරම් විඳින්න. අපි පොඩි කාලේ ඉඳන් ඉගෙන ගන්නවා. රස්සාවක් කරනවා, තනියෙන් ඉන්න බෑ පවුල් ජීවිතයක් හදාගන්නවා. පවුලත් එක්ක හැමෝම එකතු වෙනවා. ඒක තමයි උපරිම තැන කියලා අපි හිතන්නේ. අද පරපුර විඳින දේ, විඳින අවස්ථාව, විඳින කාලය වෙනස් වෙලා. ඒ දේවල් කෙටිකාලීන වෙලා. අවුරුදු පහළොව දහසය, දහහත වෙනකොට විඳින්න ඕන දේවල් විඳලා ඉවරයි. ආදර සබඳතා හදාගන්නවා. ඒ දේවල් එක්ක ජීවිතය උපරිමයට හොයනවා. අන්තර්ජාලය වගේ නව මාධ්‍යත් එක්ක ලෝකය එක්ක සම්බන්ධ වෙලා තරුණ පරපුර විශාල ගවේෂණයක් කරනවා. අවුරුදු විස්ස, විසිපහ වෙනකොට ජීවිතයේ සියල්ල විඳලා එහි කිසිවක් නෑ කියලා තේරුම් ගන්නවා. ඒ නිසා ජීවිතය විඳලා විඳලා ඇතිවෙනවා. අපේ බොහෝ දෙනෙක් විඳීමක් කියලා අනවශ්‍ය බලාපොරොත්තු තියාගෙන කරන්නේ විඳවීමක්. මුලින් හිතන්නේ එය තමයි විඳීම කියලා. නමුත් විකල්පයක් නැති නිසා ඒකෙම තව හොයාගෙන යනවා.
ධර්මය කියන්නේ වයසට ගිහින් පන්සල්වලට ගිහින් කරන්න ඕන දෙයක් නෙවෙයි. බුදු දහම කියන්නේ එදිනෙදා ජීවිතය. එදිනෙදා ජීවිතය යහපත් කරගන්නේ කොහොමද. සතුටෙන් ගත කරන්නේ කොහොමද කියලා කියාදීම. දැන් ධර්මයට යොමු වන්නේ වයසක අය. ඒ අය ධර්මාවබෝධයට යොමු වෙන්නේ ධර්මයට යොමු විය යුතු නිසා නෙවෙයි. එයාලට කරන්න දෙයක් නැති නිසා මැරෙන්නත් ළඟ තියා ඔවුන් ධර්මයට යොමු වෙනවා. නමුත් අනිවාර්යයෙන්ම ධර්මයට යොමු විය යුත්තේ තරුණ වයසෙදිමයි.
තිළිණී කෞෂල්‍යා විජේසිංහ
මවුබිම පුවත්පත අැසුරෙනි
මවුබිම පුවත්පත අැසුරෙනි