මේ දුමින්ද සිල්වා ගැන අද බොහෝ දෙනා කතා වෙන්නේ සත්‍යජිත් මාඉටිපේ අධ්‍යක්ෂණය කළ ‘බොරදිය පොකුණ’ චිත්‍රපටය නිසාය. මේ චිත්‍රපටය නිර්මාණය වී ඇත්තේ මීට වසර 12කට පමණ පෙරදීය. එවකට මේ දුමින්ද සිල්වා ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායම සහ පැසිපන්දු කණ්ඩායම නියෝජනය කළ ජනප්‍රිය ක්‍රීඩකයකු විය. එසේම මේ දුමින්ද සිල්වා යනු නිරූපණ ශිල්පියකුද වෙයි. ලෝ ප්‍රකට විලාසිතා වෙළඳ නාමයක් වන කැල්වින් ක්ලේන් වෙනුවෙන් නිරූපණ කටයුතු සඳහා ආසියාවෙන් තෝරාගත් එකම ශිල්පියා ලෙසද ඔහුගේ නාමය සඳහන් කළ හැකිය. එලෙසින් නමක් දිනූ ‘දුමින්ද සිල්වා’ සමඟ අපි තවත් විස්තර කතා කරමු.

මගේ ගම රත්නපුරය. කුඩා කාලයේදී රත්නපුරයේ පාසල් දෙකකට ගියා. පසුව උසස් පෙළ දක්වා ඉගෙන ගත්තේ ත්‍රිත්ව විද්‍යාලයෙන්. පාසල් කාලයේදී නතරවෙලා හිටියේ නේවාසිකාගාරයේ. මේ නිසාම අධ්‍යාපන කටයුතුවලට අමතරව වැඩිපුර ක්‍රීඩා කටයුතුත් කළා. පාසල් කාලයේදීම වගේ තමයි පැසිපන්දු සහ රගර් වෙතින් ශ්‍රී ලංකා ජාතික පිල නියෝජනය කරන්න අවස්ථා ලැබුණේ. පාසලේදී මලල ක්‍රීඩා එහෙමත් කළා. 92 සිට 2002 දක්වා රගර් x පැසි පන්දු ක්‍රීඩා සඳහා ජාතික පිළ නියෝජනය කළා.

නීතිය හැදෑරුවා. නමුත් ක්‍රීඩා සහ අනෙකුත් බාහිර වැඩ නිසා ඊට කැප වෙන්න බැරි වුණා. ඉන්පසුව සම්පත් බැංකුවේ
රැකියාවට යොමුවුණා. මේ අතරවාරයේදී කායවර්ධන අංශයත් ප්‍රගුණ කළා. එසේ ප්‍රගුණ කරමින් සිටියදී තරික් නමැති මගේ හොඳ මිතුරෙක් මිස්ටර් ශ්‍රී ලංකා සඳහා අයදුම් කරන්න කියලා මට කිව්වා. එහෙම කළොත් ඔයා ජාත්‍යන්තර තලයට යාවි කිව්වා. පසුව එයාගෙ පෙරැත්ත නිසාම එම තරගයේ ශ්‍රී ලාංකික සංවිධායිකා සුභාෂිනී අබේගුණරත්න මහත්මියගේ මග පෙන්වීම යටතේ මිස්ටර් ශ්‍රී ලංකා තරගයට ඉදිරිපත් වුණා. එයින් ජය ලැබුවා. පසුව මිස්ටර් වර්ල්ඞ් සහ මිස්ටර් ඉන්ටර් නැෂනල් ඉදිරිපත් වුණා. එහිදී රටවල් 60කින් හොඳම සිරුරට හිමි අංශයේ කිරුළ ලැබුණා. ආසියාතිකයකුට එවැනි සම්මානයක් ලැබුණේ ප්‍රථම වතාවටයි. ඉන්පසුව තමයි දිගටම නිරූපණ ක්ෂේත්රයට ආවේ.

නිරූපණයට දායකවෙලා හිටපු නිසා මගේ ඡුායාරූප සත්‍යජිත් දැකලා තිබුණා. ඒ වන විට මම සම්පත් බැංකුවේ සේවය කළේ. මගේ යාළුවකු මාර්ගයෙන් මට සත්‍යජිත් කතා කළා. ප්‍රධාන චරිතය ලැබුණාම කෞෂල්‍යා ප්‍රනාන්දුගේ නාට්‍ය පාසලට ගිහින් මාස තුනක් විතර ඉගෙන ගත්තා. එතුමිය ගොඩක් උපදෙස් දුන්නා. ඇත්තටම මෙහි මංගලාගේ චරිතය කරන්න හිටියේ සංගීතා. නමුත් පසුව එයා එය කළේ නැහැ. ඒත් පෙර පුහුණුවීම් කළ දිනවලදී මට ගොඩාක් දේ ගැන කියලා දුන්නා. ඒ වගේම ඩිලානිත් බොහෝ දේ කියලා දුන්නා. එයාලගේ සහ සත්‍යාගේ මග පෙන්වීම යටතේ මම මේ චරිතයට හැකි උපරිමය කළා කියලා හිතෙනවා.

ඇත්තටම මෙය අර ඒ දිනවල ආ කාම රැල්ලේ චිත්‍රපටයක් නෙවෙයි. අනෙක මම මේ චරිතය තෝරා ගත්තේ ලිංගික දර්ශන කරලා ජනප්‍රිය වෙන්න නෙවෙයි. මෙය සම්භාව්‍ය උසස් නිර්මාණයක්. ඊට අදාළව ඉතාම සාපේක්ෂව රූප රාමු පෙළගැසී තිබෙනවා.

ඒ වනවිට මම විවාහ වෙලා හිටියේ නැහැ. මව සහ පියා හරි විවෘත විදියට ලෝකය දෙස බලන මාපියන්. අනෙක මෙහි රඟපාද්දී මම හිටියේ හොඳට දැනුම් තේරුම් ඇති වයසක. ඇත්තටම මේ චිත්‍රපටය නැරඹුවාම ඔබට මේ සියල්ල වැටහේවි.

ඇය එක්ක විවාහයට පෙර මෙහෙම දෙයක් කළ බව මම කිව්වා. ඇත්තම කිව්වොත් ඇයත් බොහෝම යථාර්ථවාදීව ජීවිතය දෙස බලන කෙනෙක්. ඇය ලෝකයේ සැරිසරන, ලෝකය ගැන අත්දැකීම් තියෙන කෙනෙක්.

DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවෙකු ලෙස සේවය කරනවා. මුල් තැන රැකියාව සහ පවුලටයි. මගේම කායවර්ධන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යනවා.

දේශපාලනය අපේ පවුලට අමුතු දෙයක් නෙවෙයිි. සීයා වාමාංශික දේශපාලනයේ නිරතවෙලා තියෙනවා. තාත්තාත් දේශපාලනය කළා. කියන්න බැහැ. බලමු ඉදිරියට.