දිවයිනට පැමිණ සිටින චීන විශ්ව රූ රැජින තරගාවලියේ අවසන් වටයේ තරගකාරියෝ ඔසරියෙන් හැඩ වැඩ වුහ.
ඔවුන් වෙනුවෙන් හබරණ සිනමන් ලොජ් හි සංවිධානය කර තිබු ‘ශ්‍රී ලාංකික රාත්‍රියට‘ චීන රූ රැජිණියෝ 15 දෙනාම එලෙස ඔසරියෙන් හැඩ වී ආහ.
උඩ රට නැටුමෙන් රාත්‍රිය වර්ණවත් වු අතර චීන යුවතියෝද බෙර පදයට පාද තැබුහ.
මෙරට දේශීය කර්මාන්ත පිළිබඳ දැනුමක්ද ලැබු චීන යුවතියෝ මැටි වළං කර්මාන්තය පිළිබඳව අත් දකීම් ලැබුවේ දැඩි ඕනෑකමිනි.
උපුටා ගැනිම- ලංකාදිප online (2014 අගෝස්තු මස 28)