විඩාබර දවසක නිමාව සනිටුහන් කරනුයේ රාත්‍රී සුවපහසු නින්දයි. මේ සඳහා සුදුසු පරිසරයක් වගේම සුදුසු රාත්‍රී ඇඳුමකිනුත් ගත සරසා ගතහොත් තමයි නින්දේ සැබෑ ආශ්වාදය ඔබට අත්විඳිය හැකි වනුයේ. තෝරා ගනු ලබන රාත්‍රී ඇඳුම දහවල් කාලයේ ඔබ අඳිනා අනෙකුත් සියලුම ඇඳුම්වලට වඩා විශේෂ විය යුතුයි. ඒ තරමටම මේ රාත්‍රී ඇඳුම ගැන අවධානයක් තිබීම වැදගත්. ඔබ දන්නවාද රාත්‍රියේ ඇඳගෙන සිටිනා ඇඳුම සෞඛ්‍යාරක්ෂිත විය යුතුයි. බාල මහලු, තරුණ යන මේ ඕනෑම අයෙක් රාත්‍රී නින්ද සඳහා වෙන්වූ ඇඳුමක් භාවිත කළ යුතුය. ඔබ මෙවැනි ඇඳුමක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කාරණා බොහෝයි.
රාත්‍රී නිදන ඇඳුම් සඳහා වඩාත් උසස් ප්‍රමිතියකින් යුතු රෙදි මිලදී ගන්න නම් දෙවැනි හරස් වීදියේ රතු පල්ලිය ඉදිරිපිට ඇති වෙළෙඳ සල් වඩාත් සුදුසුයි. ඉන් අනතුරුව ඔබ මේ ඇඳුම මසන්නේ ඔබට ද ඔබේ දරුවාට ද නැතිනම් මවට හෝ සොහොයුරියට ද යන්න තීරණයකර ඒ අනුව වයසට, සිරුරට ගැළපෙන රෙදි වර්ගය හා ප්‍රමාණය තෝරා ගන්න.

මේ දිනවල තරුණියන් වඩාත් ඇලුම් කරන රාත්‍රී නිදන ඇඳුමේ රෙදි වර්ගය වන්නේ රැන්ග්ලර් රෙද්දයි. එයත් වෙළෙඳපොළේ වර්ග කීපයක් වේ. මල්, ටෙඩි බෙයාර්, ඉලක්කම්, අක්ෂර, සංකේත ආදිය මුද්‍රිත රැන්ග්ලර් රෙදි A, B, C ලෙස වර්ග තුනක් යටතේ අලෙවි කෙරේ. A වර්ගයේ මීටරයක් රු. 135,B වර්ගයේ මීටරයක් රු. 125 සහ C වර්ගයේ මුද්‍රිත රෙද්දෙන් මීටරයක් රු. 112 ක් වේ. මේවා අඟල් 45 සහ අඟල් 60 පළල ලෙසින් ලබා ගත හැකියි. නිල්, කහ, රෝස, දම්, තැඹිලි යන ඕනෑම වර්ණයකින් ද ඔබේ රුචිකත්වය අනුව වෙළෙඳපොළෙන් පහසුවෙන් ගන්නත් පුළුවන්.
තනි වර්ණයෙන් යුත් රැන්ග්ලර් රෙදි ද ප්‍රමිතිය අනුව A, B, C වශයෙන් කොටස් තුනකට වෙන් කෙරේ. ඒ අනුව A වර්ගයේ අඟල් 45 පළල රෙදි මීටරයක් රු. 60 කි. B වර්ගයේ අඟල් 45 පළල ලයිට් කලර් රෙදි මීටරයක් රු. 76 කි. C වර්ගයෙන් අඟල් 45 පළල රැන්ග්ලර් තනි පැහැති රෙදි මීටරයක් රු. 66 ක් වේ. මේවා අඟල් 60 පළලින් ද ලබාගත හැකියි.

ලිව්වේ අචිනි ලක්මාලි චන්ද්‍රසේකර
විශේෂ ස්තුතිය – ‘Rado’ Enterprises හි මර්ජාන් අකීල්ට
ඡායාරූප - ශාන් ප්‍රභාත් රඹුක්වැල්ල
උපුටා ගැනිම තරුණි පුවත්පත