Subscribe:

Social Icons

ජයලලිතා ජයරාම්ට වසර 4 ක සිර දඬුවමක්


තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම්ට එල්ල වූ දූෂණ චෝදනා සම්බන්ධයෙන් ඇයට වසර 4 ක සිර දඬුවමක් නියම කෙරිණ.
වසර 18කට පමණ පෙර, ගොනු කරන ලද දූෂණ ‍චෝදනා නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කළේ, බැංගලෝර්හී විශේෂ අධිකරණයකදී ය.
ජයලලිතා ජයරාම්ට එරෙහිව එම නඩුව ගොනු කරනු ලැබුවේ,  ප්‍රතිවාදී තමිල්නාඩු දේශපාලන පක්ෂයක් වන ඩී.එම්.කේ පක්ෂයයි.
තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය ධුරයට ඇය 1991 වසරේදී පළමුවරට පත්වීමේදී පැවති ඉන්දීය රූපියල් කෝටි 03ක වත්කම් ප්‍රමාණය වසර 05ක් තුළ ඉන්දීය රුපියල් කෝටි 66 ක් දක්වා ඉහළ ගිය ආකාරය සම්බන්ධයෙන් එම නඩුවෙන් අභියෝගයට ලක් කර තිබුණි.
නඩු තින්දුව ප්‍රකාශයට පත් කළ අද දිනයේ ජයලලිතා සහ ඇගේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් රැසක් බැංගලෝර් අධිකරණය වෙත පැමිණ සිටිය හ.
by http://newsfirst.lk
 
Blogger Templates