* දීපිකා පදුකෝන් බොලිවුඩ්හි මේ වනවිට අංක එකේ රංගන ශිල්පිනිය. මොනවද ඒ ගැන හිතන්නේ?
පසුගිය වසර කීපය මම දායක වූ සියලු චිත්‍රපට වාසනාවට සාර්ථක වුණා. මම හිතනවා ඉදිරියටත් මට වාසනාව තියේවි. ‘හැපි නිව් ඉයර්’ චිත්‍රපටය ගැන මම බලාපොරොත්තු තබා තියෙනවා. මේ මගේ හොඳ කාලය. මම නිර්මාණවලට උපරිම දායකත්වය ලබාදෙනවා.
* රැජිනකාන්ත් සමග එකට වැඩ කරන්න ලැබුණු අත්දැකීම කොහොමද?
රංගන ජීවිතේ මට බයක් දැනුණු පළවෙනි වතාව රැජිනි මුලින්ම සෙට් එකේ දී හමුවීම. මම රැජිනිට ගොඩක් කැමැතියි. ඔහු ගොඩක් සරල වගේම නිහතමානී කෙනෙක්. ඔහු පළවෙනි පාර සෙට් එකට එද්දී ඔහුගෙන් දිස්වූ දැඩි උද්යෝගය ඔහුගේ පියවරක් පියවරක් පාසා ඇති පෞරුෂය, මම මේ ක්‍ෂේත්‍රයේ හමුවිය යුතු කෙනකු හමුවුණා කියා මට හිතුණා. ඔහු හා එක්වූ නිර්මාණය සාර්ථක වේවි අනිවාර්යයෙන්ම.
* රන්බිර් සිං හා ඔබ අතරේ සම්බන්ධතාවක් තිබුණ බව පැහැදිලියි. එය ප්‍රේම සම්බන්දයක්ද ?
ඒ ගැන තහවුරු කරන්න බෑ.
* විවිධ සබඳතා මිස එක හිතින් ප්‍රේම සම්බන්ධයක් පටන් නොගන්නේ ඇයි?
මම හිතනවා මම ඒකට තව කාලය ගතයුතුයි කියා. මේ වන විට වඩාත් වැදගත් වන්නේ රංගන කටයුතු. මගේ ජීවිතේ වැදගත් තීරණයක් ගැනීමට හොඳම කාලය මේක වෙන්න පුළුවන්. නමුත් එයට සංවේදී වන්න මේ වෙලාව නොවෙයි.
* ඔයාගේ ජීවිතේට රන්බිර් කොහොමද වැදගත් වන්නේ?
මගේ ජීවිතේට ඔහු අතිශය වැදගත් පුද්ගලයකු තමයි. ඔහුගේ පෞරුෂය බොහෝ දෙනකු අතරින් මගේ හිතේ ඉඩක් වෙන්කර ගැනීමට උත්සාහ ගන්නවා.
* මොනවද දකින්න තියෙන විශේෂ දෙය රන්බිර්ගේ?
ඔහුගේ අවංක බව. ඔහු මෙලොව අවංකම පුද්ගලයා කියා විටෙක හිතෙනවා.
* සිද්ධාර්ත් මල්හොත්‍රාගෙන් ලැබුණ හාදුව ඔබට දැනෙන්නේ කොහොමද?
එය තරුණ කොල්ලකුගෙන් ලැබුණු හොඳ පිළිගැනීමක් කියලා මම හිතනවා. එච්චරයි. ඒක ලොකු දෙයක් නෙවෙයි.
* නවක රංගන ශිල්පීන්ගෙන් පෞද්ගලිකව ඔබ ඇලුම් කරන්නේ කාටද?
හර්ෂ්වර්ධන් කපූර්ට. ඔහුගේ හොඳ පෙනුමක් තියෙනවා.
* කවුද ඔබ කැමැති ළාබාලතම රංගන ශිල්පිනියන්?
මම ආලියාට හා පර්නීම්ට කැමැතියි. එයාලා මගේ යාළුවෝ.
* ඔබේ විවාහය සැලසුම් කරන්නේ කොහොමද?
මට තාම අවුරුදු 28යි. දැන් විවාහය හිතන්න හොඳ කාලය. නමුත් මම හිතනවා රංගන දිවියේ හොඳම කාලය මේ බව. නොසිතන මොහොතක විවාහය සිදුවෙන්නත් පුළුවන්.

උපුටා ගැනිම රිවිර පුවත්පත