ජනප්‍රිය බොලිවුඩ් නිළි විද්‍යා බාලන් සමග Filmfare සඟරාව මෑතකදී කළ කතාබහක් ඇසුරිනි.
ඔබගේ නවතම චිත්‍රපටය 'Hamari Adhuri Kahaani' හි රූගතකිරීම් ඇරඹෙන්නේ කවදාද?
මේ මාසයේ රූගත කිරීම් අරඹන්න අපි සූදානම්.
මෑතකදී ඔබ ප්‍රකාශයක් කළා 'කැමරාව ඉදිරියේ ඔබේ ලැජ්ජාව නැතිවී ඇති බවට එයින් අධ්‍යක්ෂවරු, නිෂ්පාදකවරු ප්‍රයෝජන ලබාගන්නවාද?
මට අවශ්‍ය නැහැ කිසිම අවස්ථාවක සීමා මායිම්වලට කොටුවෙන්න. paa සහ Ishgiya චිත්‍රපටවලින් පසුව අනුරාග් කාශ්‍යප් මට පැවසුවා ඔබට අමතක වුණාද ඔබ ඉදිරියේ කැමරාවක් තිබෙන බව' කියලා ඔහු එය පවසන තෙක් මට එය මතක් වුණේ නැහැ. දැන් මම කිසිම වෙලාවක බලන්නේ නැහැ. මම රඟපාන්නේ කොහොමද, මාව පේන්නේ කොහොමද කියලා මම රඟපානවා. ඉන් ලොකු විනෝදයක් ලබනවා. නිළියක් විදියට මට ලොකු නිදහසක් දැනෙනවා.
ඔබ සෑම අවස්ථාවකම ඔබේ හදවත කියන දේ අහනවාද?
ඔව්. මම කපටි පුද්ගලයෙක් නෙවෙයි. මම කපටි වෙන්න උත්සාහ කරන හැම වෙලාවකම මට වරදිනවා.
ඔබ අනුගමනය කරන්නේ 'Bobby Jassos' චිත්‍රපටයේ ඔබ රඟපාන චරිතයම බව පැවසුවොත් නිවැරදිද?
ඔව් මගේ ජීවිතේ මට කවදාවත් ලොකු ඉලක්ක නැහැ.
තිරයේ ප්‍රේමය සැබෑ ප්‍රේමයෙන් වෙනස් වෙන්නේ කොහොමද?
මට තියෙන්නේ අධි ප්‍රේමණීය ආත්මයක්. මම හැම තැනකම දකින්නේ බලාපොරොත්තුවෙන්නේ ආදරය උදාහරණයක් විදියට රූගත කිරීම් අතරතුරත් මං එය අත්විඳිනවා. සිද්ධාර්ත් මුණගැසීමට පෙර මම තිරයේ ප්‍රේමය විශ්වාස කළා. නමුත් ඔහු හමුවීමත් සමග මා වටහාගත්තා. ප්‍රේමයට ගොඩක් දේවල් අවශ්‍ය නැති බව ඔහු හෝ ඇය තමා අසල සිටීම පමණක්ම ප්‍රමාණවත් ජීවිතයේ සියලු හිස්තැන් පිරවෙන්න.
කවුද වැඩිපුරම ප්‍රේමණීය ඔබද? සිද්ධාර්ත්ද?
මම හිතනවා මමයි වැඩිපුර ප්‍රේමණීය කියලා.
ඔබ දෙදෙනාගෙන් කවුද මුලින්ම ආදරය ප්‍රකාශ කළේ ?
එහෙම දෙයක් අපි අතරේ සිද්ධ වුණේ නැහැ. අපි එකිනෙකාට කැමැති නිසා එකට කාලය ගත කරන්න පටන්ගත්තා. දැන් අපි එකටමයි ජීවත් වෙන්නේ.
ඔබගේ විවාහය පිළිබඳ පවතින කටකතා ගැන ඔබ මොකද කියන්නේ ?
මම ඒ දේවල්වලට හිනාවෙනවා. මම තරහ ගත්තොත් ඒ කටකතා තවත් වැඩිවෙයි. මම මගේ පෞද්ගලිකව ජීවිතය ගැන නොකියන්නේ ඒ දේවල් ලෝකෙටම කියන්න අවශ්‍ය නැති නිසා. මම එහෙම නොකියන නිසා මිනිස්සු හිතනවා මට ප්‍රශ්නයක් තියෙනවා කියලා. මේ කටකතා පතුරුවන කතා කවුරු වුණත් එයා අනාගතේ හොඳ තිර රචකයෙක් වෙයි. මම ඒ කටකතා ගණන් ගන්නේ නැහැ. එයාලට වෙලාව තියෙනවා මගේ ජීවිතේ ගැන හිතමින් ඉන්න. ඒත් මට වෙලාව තියෙන්නේ මගේ ජීවිතේ විඳින්න විතරමයි.
ඔබට තාරකාවක් ගැන ඔත්තු බලන්න ලැබුණොත් ඒ කවුරු වෙයිද?
අම්තාබ් බච්චන් මහතා ගැන හොයයි. ඔහුගේ ජීවිතේ සැඟවුණු රසවත් තැන් තිබෙනවා. මම කැමැතියි ඔහු ඇත්තටම හිතන්නේ කොහොමද කියලා දැනගන්න.
ඔබ ඔබේ පවුලේ කවුරුන් හෝ ගැන ඔත්තු බලලා තිබෙනවාද?
ඔව්. මම මගේ සහෝදරිය පිළිබඳ ඔත්තු බැලුවා. ඇය මගේ මස්සිනා සමග ප්‍රේම සම්බන්ධයක් පටන්ගත්ත වෙලාවේ ඇය මට ඒ ගැන පැවසුවේ නැහැ. මම ඒ තොරතුරු දැනගෙන ඇයට පැවසුවා මම ඒ සියලු දේ දන්නා බව.
ඔබ සැබෑ ජීවිතයේ ඔත්තුකාරියක් වුණා නම් දැනට රටේ පවතින කාන්තාවන්ට එරෙහි අපරාධ පිළිබඳව කුමක් කරයිද?
මම ඒ අපරාධකාරයින්ව පොලිසියට අල්ලලා දෙනවා. මම බලාපොරොත්තු වෙනවා නව ආණ්ඩුව මේ අපරාධකරුවන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇතැයි කියා. මෙහිදී වින්දිතයින්ට ඔවුන්ගේ පවුලෙන් ලැබෙන සහයෝගය ගොඩක් වැදගත්. ඔවුන්ට වෙන හානිය සම්පූර්ණ කරන්න අමාරුයි. ඒත් අඩුතරමින් යළි නැගී සිටින්න ඔවුන්ට යම් ශක්තියක් අවශ්‍යයි.
කුමරිනී ප්‍රතාපසිංහ