Subscribe:

Social Icons

Apple iPhone 6 පළමු දිනයේ ම මිලියන 4ක් අලෙවි වෙයි

Apple සමාගම වෙළෙඳපොළට ඉදිරිපත් කළ iPhone 6 සහ iPhone 6 Plus යන ස්මාර්ට් ජංගම දුරකතන පළමු දිනයේදී ම මිලියන 4ක් අලෙවි වී තිබේ.
Apple සමාගම පවසන්නේ, පාරිභෝගික ඉල්ලීම්වලට දුරකතන සැපයීම පවා දුෂ්කර වී ඇති බව ය.
එම දුරකතනවල ඇති විශේෂාංග හේතුවෙන් ඒවාට වැඩි ඉල්ලුමක් පවතින බව එම සමාගම පවසයි.
Apple සමාගම මෙතෙක් වෙළෙඳපොළට ඉදිරිපත් කළ ජංගම දුරකතන අතර වැඩි ම ඉල්ලුමක් සහ අලෙවියක් සහිත දුරකතනය මෙය වීම විශේෂත්වයකි.
පූර්ව ඇණවුම් අනුව මෙම ජංගම දුරකතන ලබා දීම සඳහා සති දෙකක පමණ කාලයක් ගත වනු ඇතැයි Apple සමාගම පවසා තිබේ.
අපේක්ෂිත ප්‍රමාණයට වඩා ඉල්ලුම වැඩි වීම ඊට හේතුව යි.
උපුටා ගැනිම http://newsfirst.lk/sinhala
 
Blogger Templates