
ගම මිනුවන්ගොඩ. ඉගෙන ගත්තේ, මිනුවන්ගොඩ නාලන්දා බාලිකාවෙන්. දැන් යක්කල ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ තෙවැනි වසරේ සිසුවියක්.

අම්මා, තාත්තා සහ මල්ලී විතරයි. තාත්තා දේශීය වෛද්‍යවරයෙක්. අම්මා ගෘහනියක්. මල්ලි පාසල් අධ්‍යාපනය ලබනවා.

මුලින්ම අවුරුදු කුමරිය තරගයකට සහභාගී වුණා. එහි ජයග‍්‍රහණය එක්ක පුවත්පතක මුල් පිටුවේ ඡායාරූපයකට පෙනී සිටීමේ අවස්ථාව ලැබුණා. ඒ ඡායාරූපය දැකලා ලලිත් වසන්ත මහතා දේදුණු සඳහා තිර පරීක්‍ෂණයට කැඳවූවා. පසුව දේදුණුට තෝරාගත් බව මට දැනුම් දුන්නා.

පාසල් වේදිකාවේ නර්තන තරගවලට සහභාගී වෙලා තිබුණා. ඒත් රඟපෑම පිළිබඳව ආභාෂය තිබුණේ නැහැ.

ඇත්තම කිව්වොත් රඟපෑම පිළිබඳව දැනුමක් නොතිබීම අපහසු කාර්යයක් වුණා. නමුත් ටිකෙන් ටික චරිතය ගොඩනගා ගැනීමට සඳුන් රාජකරුණා මහතා බොහෝ දේ කියා දුන්නා.

තාත්තා නම් කැමති වුණේ නැහැ. අම්මා උදව් කළා. දැන් නාට්‍ය විකාශය වෙද්දි තාත්තාට ගොඩක් සතුටුයි. තාත්තා මාව ධෛර්යවත් කරවනවා.

සුමින්ද සිරිසේන මහතා සහ චාන්දනී සෙනෙවිරත්න මහත්මියගේ රංගනයට බෙහෙවින් ආසා කළා.

පොඩි කාලයේ ඉඳලාම ආසාවක් තිබුණා. ඒක ඇත්තටම හීනයක් ඉටුවීමක් වගේ දෙයක්.

ලස්සන විතරක් තිබිලා මදි. දක්‍ෂතාවය සහ වාසනාවත් තියෙන්නම ඕනෑ. හැබැයි මම ලස්සනද කියලා නම් මම දන්නේ නැහැ.

දැන් දැන් සමහරු මාව හඳුනා ගන්නවා ඔයා නේද දේදුණු නාට්‍යයේ රඟපාන්නේ කියලා අහනවා.

ගාමිණී හෙට්ටිආරච්චි, සංකේත් සහ රුවන්ගි යන පළපුරුදු ශිල්පීන් සමඟ රඟපෑමට ඇත්තටම අසීරු වුණා. දේදුණුට සමහර අවස්ථාවල දී පෙම්වතාට පහරදෙන දර්ශන තිබුණා. මම සාමාන්‍ය ජීවිතයේ තැන්පත් චරිතයක් නිසා ඒ අවස්ථා මට වඩාත් අපහසු වුණා.
‘‘මම ආවේ දුව එක්ක වැදගත් දෙයක් කතාකරන්න’’
මගේ නැන්දා ලෙස රඟපාන කුසුම් රේණු ශිල්පිනිය එහෙම කිව්වා. ‘මොකක්ද නැන්දේ’ කියා එතකොට මම ඇහුවා. මේ අවස්ථාවxතුන්පාරක්ම රූගත කළා. මුලින්ම මට කියන්න තිබුණේ ‘‘දේදුණු ඔයාට මතකද සාගර අයියාගේ මල්ලි, මාලිංග...?’’ කියලා සංකේත් කිව්වාම
මට තිබුණේ ‘‘ඉතිං’’ කියලා කියන්න විතරයි. ඒ මගේ පළමු දර්ශනයයි.

පුළුල් විෂයයක් අත්හදා බැලීම් සමඟ නිරන්තරයෙන් හැදෑරිය යුතු අංශයක්. ආයුර්වේදයේ භාෂාව පවා වෙනස්. මිනිසුන් සුවපත් කරවන අපූරු ක්ෂේත‍්‍රයක්

මට වාසනාවට ඉතා ප‍්‍රවීණ පිරිසක් එක්ක කටයුතු කරන්න ලැබුණා. කිසිම කැපිලි කෙටිලිවලට හසුවුණෙත් නෑ. විශේෂයෙන්ම අලූතින් එන අය ලෙස අපි ඔවුනට ගරු කරන්න වගේම, ඔවුනගේ අදහස්වලට ඇහුම්කන් දෙන්නම ඕනෑ. එය හරිම වැදගත්.
උපුටා ගැනිම ලංකාදිප පුවත්පත