Subscribe:

Social Icons

සල්මන් ඛාන් රත්තරන් හදවතක් ඇති මනුස්සයෙක්- ජැකලින්

මේ වන විට බොලිවුඩයේ සුපිරි රජු ලෙස සැලකෙන ෂාරුක් ඛාන් අබිබවමින් බොලිවුඩ් බොක්ස් ඔෆිස් වාර්තා ආක්‍රමණය කර ඇති නළුවා වී ඇත්තේ සල්මන් ඛාන්ය. ඩූම් 3 චිත්‍රපටය හේතුවෙන්  දැනට අමීර් ඛාන්ටපමණක් දෙවැනි වන සල්මන් ඛාන් මෙලෙස සිය ජනප්‍රියත්වයෙන්  ඉහළ දමා ගැනීමට හේතු වී ඇත්තේ ඔහුගේ නවතම චිත්‍රපටය වන කික් චිත්‍රපටය හේතුවෙනි. මෙහි සල්මන් ඛාන් සමගින් ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ ජැක්ලින් ෆර්නැන්ඩස්ය. මේ ඇය, තම නවතම බොක්ස් ඔෆිස් චිත්‍රපටය පිළිබඳ ෆිල්ම්ෆෙයාර් සඟරාව සමගින් දැක්වූ අදහස්ය.

Q සිනමා රංගන ශිල්පිනියක් වශයෙන් 'කික්' චිත්‍රපටය ඔබේ ගමන් මග වෙනසකට ලක් කළා නේද?
මම දැකලා තියෙනවා ඛාන්වරුන් රඟපාන චිත්‍රපට.ඔවුන් සමග රඟපාන නිළියන් එහි රූපණයේ යෙදෙන ආකාරයත් මම දැකලා තියෙනවා.ඒක හරිම පුදුමාකාරයි.ඒ චිත්‍රපට පුදුම විදිහට සාර්ථක වෙනවා.
ඊට වඩා දෙයක් කියන්න මම දන්නෙ නැහැ.අනික මට මේ වගේ අවස්ථාවක් උදාවේවි කියල දැනගෙන හිටියෙත් නැහැ. මේ වගේ අවස්ථාවක් කොහොම ආවද කියල හිතාගන්නත් බැහැ. කොහොම වුණත් මේ සාර්ථකත්වයත් එක්කම මට දැන් හිතෙන්නෙ මමත් ඒ ශ්‍රේණියේ නිළියක් වුණා කියලයි. ඒත් එහෙම දෙයක් ගැන දැනෙද්දි දැනෙන්නේ කම්පනයක්.
Q ඒත් ඔබ කොහොමද 'කික්' චිත්‍රපටයේදී මෙච්චර කික් වුණේ? 
මම හිතන්නේ මගේ වෙලාව හොඳයි.අ නික මමත් දැන් අවුරුදු පහක ඉඳන් මේ ක්ෂේත්‍රයේ යෙදිලා ඉන්නවනේ. ඒ හින්දා මෙවැනි සාර්ථකත්වයක් ලබන්න මේ අතරේදී මමත් විශාල කැපවීමක් සිදුකළා. අනික හරි කාලෙදි හරි මාර්ගයට මම අවතීර්ණ වුණා. ඒ වගේම හෙමින් වුණත් මාව තේරුම්ගන්න බොලිවුඩ් ප්‍රේක්ෂකයන් සමත් වුණා.
ඒක මගේ කැපවීමේ ප්‍රතිඵලයක්.හැබැයි මේ අතරේදී සල්මන් මට දුන්නු සහයෝගය අමතක කරන්නම බැහැ.මොකද ඔහු දැනගෙන හිටියා මාව.මම මුම්බායි නගරයට ආපු මුල් දවසේ ඉඳන්මයි ඔහු මාව දැන හඳුනා ගත්තේ. මම ඇලඩින් චිත්‍රපටයට අත්සන් කරන්න කලින් මගේ සාර්ථකත්වය දැකලා මේ චිත්‍රපටයට ඔහු මාව තෝරාගන්න ඇති. හැබැයි එතැනදිත් සල්මන් මට කිව්වෙ හුඟක් මහන්සිවෙලා වැඩ කරන්න කියලයි. ඒ ගුරුහරුකම මට හුඟක් වටිනවා. ඔහු කිව්ව ඒ කැපවීම මම ඇලඩින් චිත්‍රපටයේ පටන් ලබා දුන්නේ ඒ හින්දයි.
Q සිනමා ක්ෂේත්‍රයේදි ඔබට කවුරුත් පයින් ගැහුවද කියලා ඇහුවොත්?
මගේ උත්තරය  නැහැ. කවදාවත් මට එහෙම කවුරුත් කළේ නැහැ. කම්මුල්පාරක්වත් කවුරුවත් ගහලා නැහැ. තල්ලු කරලා එළියට ඇදල දාලත් නැහැ. මම එහෙම වදහිංසා මැද්දෙ චිත්‍රපටවල වැඩ  කරන්න කැමතිත් නැහැ. අනික කවුරුහරි කෙනෙක් එක්ක තරහක් ඇතිවුණා කියල ඒ කෙනාට විරුද්ධව පහර ගහන්න හෝ වදහිංසාවට පත්කිරීම මම අනුමත කරන දෙයක් නෙමෙයි.
Q තනි වැකියකින් සල්මන් ඛාන්ව විස්තර කරන්න කිව්වොත් ?
රත්තරන් හදවතක් ඇති මනුස්සයෙක්.
Q ඒ කියන්නේ ඒ වගේ කෙනෙක් එක්ක විවාහ වෙන්නද කැමැතියි?
මම හිතන්නේ ඔහු හොඳ පෙම්වතෙක්. හැම වෙලාවෙම තමන්ගේ පෙම්වතිය ගැන හොයලා බලනවා.ඒ ව‍ගේම බොහොම ආදරබර චරිතයක්.ඒත් මම ඔහු දිහා පෞද්ගලිකව බලන්නේ යාළුවෙක් විදිහට විතරයි.හැබැයි මම කැමැතියි සල්මන් ඛාන් හරහා හොඳ පෙම්වතෙක් මවාගන්න. මොකද හැම ගැහැනු ළමයෙක්ම කැමති තමන් ගැන හැම වෙලාවෙම හොයා බලන, රැකබලා ගන්න,ආදරේ දෙන පෙම්වතෙක්ට.ඒ හැම ලක්ෂණයක්ම සල්මන්ට තියෙනවා.    

මදාරා ගුණතිලක   

උපුටා ගැනිම අද පුවත්පත මගිනි.



 
Blogger Templates