Subscribe:

Social Icons

ජැකී රඟන 'කික්' බලන්න ජන ගඟ ගලයි


සුපිරි නළු නිළි යුවළ සල්මාන් ඛාන් සහ ජැකලින් ෆර්නැන්ඩස් රඟපෑ අලුත්ම චිත්‍රපටය, ‘කික්'. පසුගිය සතියේ මේ චිත්‍රපටය ඉන්දියාව, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක තිරගත කිරීම ආරම්භ වූයේ අතිවිශාල ප්‍රේක්ෂක සහභාගිත්වයකින්. ක්‍රියාදාමයන්ගෙන් සපිරුණු මේ චිත්‍රපටය ඉන්දියාව තුළ පමණක් සිනමා ශාලා 4400 ක තිරගත වන බවයි, බොලිවුඩයෙන් ලැබෙන උණුසුම් පුවත්වල සඳහන් වන්නේ. විදේශයන් හි තිරගත වන පිටපත් ප්‍රමාණය 700 ක් බවත් පැවසෙනවා. මෙවැනි පිටපත් සංඛ්‍යාවක් මීට පෙර නිෂ්පාදනය වූ වෙනත් බොලිවුඩ් චිත්‍රපටයක් වෙනුවෙන් නිකුත් වී නැතැයිද, මෙය බොලිවුඩ් සිනමාවේ කැපී පෙනෙන අවස්ථාවක් යැයි ද ‘කික්’ චිත්‍රපටයේ බෙදාහැරීම් සමාගම වන මල්ටිමීඩියා කම්බයින්ස් ආයතනය පවසනවා.
‘කික්’ චිත්‍රපටයේ පිටපත් 700 ක් පිටරටවල් 42 ක තිරගත වෙනවා. විශේෂයෙන් ම ප්‍රංශය, ජර්මනිය, මොරොක්කෝව සහ මාලදිවයින වගේ රටවලත් තිරගත කෙරෙනවා. සාමාන්‍යයෙන් මේ වගේ රටවල් බොලිවුඩ් චිත්‍රපටවලට වෙ‍ෙළඳ පොළක් තිබුණ රටවල් හැටියට පිළිගැනුණේ නැහැ. තවත් ටික දවසකින් ‘කික්’ චිත්‍රපටය ඊජිප්තුව, තායිවාන් සහ චීනයේ තිරගත කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. මේ රාමලාන් සමයේ දී ‘කික්’ තිරගත කළේ වැඩි ප්‍රේක්ෂක සහභාගිත්වයක් අපේක්ෂාවෙන්. ඒ අපේක්ෂා ඉටුවේවිය කියලා අපි හිතනවා.” එලෙස අදහස් දැක්වූයේ ඩිස්නි ඉන්ඩියා සමාගමේ අලෙවි කළමනාකාරිණී අම්රිතා පාන්ඩේ.
“චිත්‍රපටය තිරගත කරන්න කලින් ඉන්දියාවේ හුඟක් සිනමා ශාලාවල කළින්ම ආසන වෙන්කර ගෙන තිබුණා. තිරගත කිරීම් පටන් ගත්ත දවසේ ප්‍රේක්ෂක සහභාගිත්වය අතිවිශාලයි.” ඇය තවදුරටත් පැවසුවා.
‘කික්’, සජිද් නදියද්වාලා අධ්‍යක්ෂණය කළ මුල්ම චිත්‍රපටයයි. මීට කලින් ඔහු ප්‍රකටව සිටියේ චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වශයෙන්. ‘හවුස් ෆුල්’, ‘හෙරෝපාන්ට්’, ‘ටූ ස්ටේට්ස්’ සහ ‘හයිවේ’, ඔහු නිෂ්පාදනය කළ චිත්‍රපට යි. ශ්‍රී ලාංකේය නිළි ජැකලින් සහ සල්මන් රඟන ‘කික්’ සාර්ථක වන බවට සැකයක් නැතැයි ද ඔහු පැවසුවා.

උපුටා ගැණිම- සිළුමිණ රසදුන අතිරේකය
 
Blogger Templates