ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙන චීන විශ්ව රූ රැජිණ තරගාවලියේ අවසන් වටයේ රූ රැජිණියෝ පොලොන්නරුවට ගොස් මෙරට ඓතිහාසික ස්ථාන රැසක් නැරඹූහ.
පරාක්‍රමබාහු මාළිගාව, නිශ්ශංකමල්ල රාජ සභාව, කුමාර පොකුණ, ශිව දේවාලය, අටදාගෙය, වටදාගෙය, හැටදාගෙය, නිශ්ශංක ලතා මණ්ඩපය, බෝධිඝරය, බෝධි සත්ත්ව රූපය, රන්කොත් වෙහෙර ඇතුළු ස්ථාන රැසක් නැරඹූහ.
ශ්‍රී ලංකාවේ එදා සිටි රජ දරුවන් ඉදිකළ බෞද්ධ සිද්ධාස්ථාන ඇතුළු සත් මහල් ප්‍රාසාද පිළිබඳ තොරතුරු එහිදී ඔවුහු ඉතා උනන්දුවෙන් අධ්‍යයනය කලහ.
උපුටා ගැනිම- ලංකාදිප Online