ලොව සුපතල බොලිවුඩයේ සුපිරි තරුවක් වන ෂාරුක් ඛාන් වෙත ජාත්‍යන්තර පොලීසිය හෙවත් ඉන්ටර්පෝල්හි තානාපති තනතුරක් හිමිවී තිබේ.
අපරාධ වැළැක්වීම සඳහා වන මහජන ව්‍යාපාරය සඳහා තානාපති තනතුරක් මෙලෙස හිමිව ඇතැයි ඉන්දීය වාර්තා පවසයි.
ෂාරුක් ඛාන් මෙන්ම හොලිවුඞ් සුපිරි තාරකාවක් හා සටන් නළුවකු වන ජැකී චෑන්, පාපන්දු ක‍්‍රීඩක ලයනල් මෙසී සහ ෆෝමියුලා වන් සාමාජිකයකු වන ෆර්නැන්ඩෝ ඇලොන්සෝ සහ කිමී රායික්කොනෙන් ද මෙම අපරාධ වැළැක්වීම සඳහා වන මහජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාරයේ ඉන්ටර්පෝල්හි තානාපතිවරුන් ලෙස පත්කර තිබේ.
ඉන්ටර්පෝල් වෙත මෙලෙස තානාපති තනතුරක් දරන පළමු ඉන්දියානු රංගන ශිල්පියා මොහුයි'
Wmqgd .eksu- ;reKhd mqj;am;