සරාගීන්ගේ Ice Bucket විරෝධය
ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින Ice Bucket Challenge ව්‍යාපෘතියට මේ වන විට ලෝකයේ නන් දෙසින් විරෝධයක් එල්ල වෙමින් පවතිනවා
පමෙලා ඇන්ඩර්සන්,සෝනම් කපූර්,ප්‍රියංකා චොප්රා මේ ගැන ප්‍රසිද්ධියේ විරෝධය පල කරලා ප්‍රකාශ නිකුත් කරලා තියනවා.
එයට විරෝධය පළ කරන ඇතැම් ප්‍රකට පුද්ගලයින් පවසන්නේ, මෙය ජල සම්පත අපතේ යැවීමක් බව ය.
Ice Bucket Challenge සඳහා ලෝක ප්‍රකට නළු නිළියන් රැසක් දායක වුව ද හොලිවුඩ් නිළි පමෙලා ඇන්ඩර්සන් එය ප්‍රතික්ෂේප කර තිබේ.
ඇය පවසා ඇත්තේ, ඖෂධ පරීක්ෂා කිරීම් සඳහා සතුන් යොදාගන්නා ආයතනයක අරමුදලක් වෙනුවෙන් තමන්ට පෙනී සිටිය නොහැකි බව ය.
ඊට අමතරව, බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා ද මෙම අභියෝගය ප්‍රතික්ෂේප කර තිබේ.
ඇය සිය Twitter ගිණුමෙහි දක්වා ඇත්තේ, පිළිකා රෝගය හෝ නැවුම් ජලය වෙනුවෙන් ක්‍රියාත්මක වන සංවිධාන සඳහා ආධාර කිරීම වඩා ත් කාලෝචිත බව ය.
මීට අමතරව, බොලිවුඩ් නිළි සෝනම් කපූර් ද පවසා ඇත්තේ, ජල සම්පත විනාශ කරමින් Ice Bucket අභියෝගයට සම්බන්ධ වීමට තමන්ගේ කැමැත්තක් නොමැති බව ය
උපුටා ගැනිම - ෂා ගොසිප්