සුප්‍රසිද්ධ 'බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි' චිත්‍රපටය 1957දී රූගත කළ ශ්‍රී ලංකාවේ කිතුල්ගල පැරණි පාලම නැවත ගොඩ නැගීමට සැරසෙන බව වාර්තා වේ.
චිත්‍ර පටයේ දැක්වෙන්නේ බුරුමයේ ජපන් ජාතිකයින් යුද වැදුන අවස්ථාවේ බ්‍රිතාන්‍ය ජාතික සිර කරුවන් පාලම හරහා ගෙන යන දර්ශන වුවත් එහි රූගත කිරීම් වලට භාවිත කෙරුණේ ශ්‍රී ලංකාවේ පාලමක්.
කනස්සල්ලබලධාරීන් පවසන්නේ බ්‍රිතාන්‍ය හමුදා නිලධාරියෙකු විසින් පුපුරුවා හරිනු ලබන දර්ශනයක්ද ඇතුළත් චිත්‍රපටයේ දැක්වෙන කිතුල්ගල පාලම නැවත ගොඩ නැගීමට තීරණය කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන ව්‍යාපෘති ඉංජිනේරු කමල් ලක්සිරි බීබීසී යට පැවසීය.
"මට නිකම් සිතුවිල්ලක් ආව. අපි ඒ විදියටම ඒ පාලම ආයෙත් ගොඩනගන්නේ නැත්තේ ඇයි? කියල," යනුවෙන් ඔහු සඳහන් කළේ දකුණු ආසියා කටයුතු භාර බීබීසී සංස්කාරක චාල්ස් හැවිලන්ඩ් කළ විමසීමකදී.
"ඉදිරි අවුරුද්ද දෙක ඇතුලත ඒක අනිවාර්යයෙන්ම සිද්ද වෙනවා."
පාලම නැවත ගොඩ නැංවීමේ ව්‍යාපෘතිය හේතුවෙන් එම ප්‍රදේශයේ ජීවත් වන සහ රැකියා වල නියුතු ජනයා කනස්සල්ලෙන් සිටින බවයි වාර්තා කරුවන් පවසන්නේ.
නව වේල්ල තැනීමේ ව්‍යාපෘතිය හේතුවෙන් ප්‍රදේශයට පැමිණෙන සංචාරකයින් අඩු වනු ඇති අතර වේගයෙන් ගලා යන ජලයේ පහුරු පැදීමේ කර්මාන්තයටද බාධා පැමිණෙනු ඇති බව ප්‍රදේශවාසීන් විශ්වාසයයි.
එහෙත් එයට කිසිදු බාධාවක් වනු නැති බව ඉංජිනේරු කමල් ලක්සිරි පවසයි.
BBC