වාරියපොළ බස් නැවතුම් පොළේදී තරුණියක් තරුණයෙකුට පහරදීම පිළිබඳ නඩුව වාරියපොළ මහේස්ත්‍රාත් අධිකරණයේදී අද කැඳවූවා. එම අවස්ථාවට රක්ෂිත බන්ධනාගාර ගතව සිටි පහරකෑ තරුණයා සහ පහරදුන් තරුණියද පැමිණ සිටියා.
එම තරුණිය සහ ඇගේ මිතුරිය වාරියපොළ මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණියේ මුස්ලිම් කාන්තාවක් සේ මුහුණ වසාගෙනය. එම අවස්ථාව ඡායාරූප ශිල්පියකු මෙසේ තම කැමරා කාචයේ සටහන් කරගනු ලැබුවා.

උපුටා ගැනිම ෙනත් නිවුස්