ලෝකයේ වැඩිපුරම ඉල්ලුමක් ඇති ජනපි‍්‍රයම විලාසිතා එළි දකින්නේ බැංකොක් පුරයෙන් බව හැමෝම පාහේ දන්නවා. එම විලාසිතා පුරයේ මසකට වරක් සංචාරය කරමින් අලුත්ම විලාසිතා මෙරටට ආනයනය කරන ඔහු සමන්ත ද සේරම් ය. දකුණුලක ශ්‍රී ලාංකේය බැංකොක් විලාසිතාගාරය ලෙස හඳුන්වන “ගාල්ල ස්නැසි” ආයතනයෙහි හිමිකරුවා වන ඔහු තම දස වසරක අත්දැකීම් ඔස්සේ අපේ රටේ විලාසිතා පිළිබඳ කරන කතා බහේ තවත් පියවරකි මේ.
මේ දිනවල Pre Shoot (මංගල උත්සවයක පූර්ව ඡායාරූප ගැනීම) ජනපි‍්‍රය අංගයක් වෙලා. ඒත් කරන්නන් වාලේ Pre Shoot කළාට පලක් වන්නේ නැහැ. එය තමන්ගේ ජීවිතයේ අමරණීයම චමත්කාරජනක අත්දැකීම කරගන්න නම් ඒ අවස්ථාවේ අඳින පලඳින ඇඳුම් ගැනත් විශේෂ සැලකිල්ලක් දක්වන්නට ඕනේ.
විශේෂයෙන්ම Pre Shoot එකේදී මනාලිය තම ඇඳුම් ගැන හොඳ අවධානයක් ඇතිකර ගත යුතුයි. මන්ද මෙයින් හෙළි කරනුයේ තම ආදර කතාවේ ආරම්භයයි. එබැවින් සෞන්දර්යකාමී ලෙසත් කලාත්මක අයුරිනුත් සරල ඉදිරිපත් කිරීමක් තමයි අවශ්‍ය වෙන්නේ.
මේ සඳහා ඇඳුමෙන් ලබා ගත හැකි ආකර්ෂණය පෙනුම බොහෝයි. මනාලියගේ ළාබාල බව, ඇගේ කෙලිලොල් බව සියල්ල තීරණය වෙන්නේ ඇඳුමෙනි. ඒ සඳහා ඇයට වඩාත් සුදුසු වෙන්නේ ගවුමයි. ඒ අතර අත් රහිත හෝ අත් සහිත පි‍්‍රන්සස් ලයින් ගවුම ගැළපේ. රෝස, කහ, ළා නිල්, ළා කොළ යන වර්ණ යොදා ගත් සොබාදහමට ළං වු මෝස්තර ඇති ගවුම ද වඩාත් ජනපි‍්‍රයයි.
Pre Shoot එකට මනාලිය සහ මනාලයා පමණක් පෙනී සිටි නමුත් එය දෙපාර්ශවයේම ඥාතීන් දකින රූප පෙළක දර්ශනයකි. එබැවින් අනවශ්‍ය ලෙස මනාලියගේ සිරුර නිරාවරණය නොවන ඇඳුම් තෝරා ගත යුතුය. ආභරණ භාවිතය අවශ්‍ය වෙන්නේම නැහැ. පාවහන් සඳහා ඉතා සරල අඩි රහිත පාවහන් යොදා ගැනීමට අමතක නොකළ යුතුය. මේක් අප් යෙදීම අනවශ්‍යයි. එහෙත් අවශ්‍යම නම් සරල මේක් අප් එකක් ඇයටම දා ගත හැකියි.
මනාලයා සඳහා ඩෙනිම් කලිසම සහ ටී ෂර්ට් එක ගැළපේ. ඔහුගේ කඩවසම් පෙනුමට හානි වන කිසිදු පැලඳුමක් යොදා ගත යුතු නැත.
මේ විදිහට Pre Shoot සඳහා ඇඳුම් තෝරා ගැනීමේ දී තමන්ට ඒ සඳහා කෙතරම් මුදලක් වැය කළ හැකි ද යන්නත් සැලකිලිමත් විය යුතුයි. මෙහිදී ලෙගින් හෝ ඩෙනිම් කලිසම් තරුණිය සඳහා කිසිසේත් සුදුසු නොවේ. බොහෝ දුරට මෙවැනි රූගත කිරීම් සිදු කරන්නේ සවස් කාලයේ බැවින් ඇඳුම් තෝරා ගැනීමේ දී ඒ ගැනත් සිතිය යුතු වේ.
ස්තූතිය - ගාල්ල බැංකොක් විලාසිතාගාරය වූ ස්නැසි හි සමන්ත ද සේරම්
විශේෂ ස්තූතිය ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනීනීශා මනහාරි
ඡායා -හිරන්ත නේෂාන් ගුණතිලක
උපුටා ගැනිම තරුණි පුවත්පත