පාපැදියෙන් වැඩට යන උදවිය ප්‍රකාශ කරන්නෙ වෙනත් ප්‍රවාහන මාධ්‍යක් භාවිත කරනවට වඩා තම රැකියාවෙන් තෘප්තියක් සහ ඵලදායී බවක් තමන්ට හිමි බවයි.
ඒ වගේම පාපැදියෙන් වැඩට යන උදවියගෙන් බොහෝ පිරිසක් විශ්වාස කරන්නෙ තෘප්තියෙන් තොරවූ තමන්ගේ ලිංගික ජීවිතය පාපැදිය පදින්න ගත්තට පස්සෙ ඊට හාත්පසින්ම වෙනස් වූ බවයි. ඒ විතරක් නෙවෙයි පා පැදිය පැදීදමන්ලැබෙන ව්‍යායාමය නිසා නිදන කාමරයේදී අමතර ශක්තියක් ලැබෙනා බව පවසපු පිරිසක්ද සිටිනවා.
පාපැදියෙන් වැඩට යද්දි එකිනෙකා අතර සුහදතාවයද වර්ධනය කර ගැනීමට හොද අවස්ථාවක් ලැබෙන බවත් තව පිරිසක් පවසනව.
පාපැදියෙන් වැඩට තේමාව ජනතාව අතරට ගෙනියන සංවිධානයක් විසින් කරන ලද සමීක්ෂණයකිනුයි මේ බව අණාවරණය වෙලා තියෙන්නෙ. එක්සත් රාජධානියෙ 7,60,000ක් පමණ පිරිසක් පාපැදියට මාරු වෙලා තියෙනව. 2021 වෙද්දි මේ ප්‍රමාණය මිලියනයට වඩා වැඩිකර ගැනීමයි පාපැදියෙන් වැඩට ව්‍යාපාරයේ අරමුණ වෙලා තියෙන්නෙ.
Neth news