වාරියපොල නගරයේදී ඉකුත් දා තරුණයෙකුට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු තිළිණි අමල්කා නමැති තරුණිය අද පස්වරුවේ ඇප මත මුදාහරුණා. ඒ, පොලිසිය වාරියපොල මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඇය ඉදිරිපත් කිරීමෙන් පසුවයි.
අදාළ පහරදීම සම්බන්ධයෙන් ඇය නීතිඥයෙකු මගින් පොලිසියට භාර වීමෙන් පසුවයි අද අත්අඩංගුවට ගෙන තිබුණේ.
අනතුරුව ඇයගේ මානසික තත්ත්වය පිළිබඳව පොලිසිය අධිකරණ වෛද්‍ය වාර්තාවක් ලබාගෙන තිබුණා. පොලිසිය පැවසුවේ අදාළ වාර්තාවේ තරුණියට කිසිදු මානසික ආබාධයක් නොමැති බව දක්වා ඇති බවයි.
උපුටා ගැනිම Neth Fm Gossip